‘නවයුගයට උද්‍යෝගයෙන් පිවිසීම’ ප්‍රදර්ශනය නැරඹීමට චීන ජනපති එක් වේ
2022-09-27 19:57:09
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, චීන ජයග්‍රහණ තේමා කරගත් ‘නවයුගයට උද්‍යෝගයෙන් පිවිසීම’  යන මැයෙන් යුතු  ප්‍රදර්ශනය නරඹයි.

ෂී ජින්පිං මහතා අද(27) බෙයිජිං ප්‍රදර්ශන ශාලාවේ පැවැත්වෙන එම ප්‍රදර්ශනය නැරඹුවේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය නුදුරේදී ආරම්භ වීම නිමිති කර ගනිමිනි. 

චීන  කොමියුනිස්ට් පක්ෂයේ 18 වන ජාතික කොංග්‍රසයෙන් අනතුරුව, පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නායකත්වය යටතේ සමස්ත පක්ෂ සාමාජිකයන්ට හා රටේ විවිධ ජනවර්ගයන්ට අයත් ජනතාවට, දිගුකාලීනව පැවති අසීරුතා රැසක් මහහැර තිරසර අනාගතයට අදාළ වැදගත් මෙහෙයුම් රැසක් අවසන් කිරීමට හැකි වී ඇතැයි ජනාධිපතිවරයා එම අවස්ථාවේදී අවධාරණය කළේය. එවන් ජයග්‍රහණයක් හිමිකර ගැනුණේ දේශපාලනික, ආර්ථික, චින්තනමය හා ස්වාභාවික අවදානම් හා අභියෝග රැසක්  හමුවේ බව  ද ඔහු පැවසීය. ගෙවීගිය දශකය තුළ රටේ ක්‍රියාවට නැංවුණු ශ්‍රේෂ්ඨ ප්‍රතිසංස්කරණයන්ට, පක්ෂයේ ඉතිහාසය, නව චීන ඉතිහාසය, ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ඉතිහාසය, සමාජවාදී වර්ධන ඉතිහාසය මෙන් චීන ජාතියේ වර්ධන ඉතිහාසයේ හිමිවන සන්ධිස්ථානගත වැදගත්කම පුළුල් ලෙස ප්‍රචාරය කළ යුතු ය. එමගින් ඓතිහාසික විශ්වාසය තහවුරු කර ධෛර්යසම්පන්නව ඉදිරි පියවර තැබීමටත්, සමගියෙන් අරගලවලට එක්වීමටත් සමස්ත පක්ෂ සාමාජිකයන් හා සියලු වාර්ගික ජනතාව දිරිගැන්විය හැකි බව ද ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. නවීන සමාජවාදී රටක් ගොඩගැනීම පිළිබඳ නව පිටුවක් පෙරළා, චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදය ගොඩනැගීමේ නව ජයග්‍රහණය අත්පත් කර ගැනීමට අධිෂ්ඨාන කරගනිමු යනුවෙන් ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම