නීතිවිරෝධීව නිස්සාරණය කෙරුණු තවත් සිරියානු ඛනිජතෙල් තොගයක් ඇමරිකාව විසින් ඉරාකයට ප්‍රවාහනය කෙරේ
2022-09-27 16:12:05
Share with:

සිරියාවේ නීතිවිරෝධීව නිස්සාරණය කෙරුණු තවත් ඛනිජතෙල් තොගයක් ඇමරිකාව විසින් ඉරාකයට ප්‍රවාහනය කරනු ලැබූ බව සිරියානු පුවත් ඒජන්සිය වාර්තා කරයි.

සිරියාවේ ඊසානදිග හා නැගෙනහිර ප්‍රදේශවල දී නීතිවිරෝධීව නිස්සාරණය කෙරුණු එම ඛනිජතෙල් තොගය ඇමරිකානු හමුදාවට අයත් තෙල් ටැංකි 79 කින් පසුගිය 25 වනදා ඉරාකයේ උතුරු ප්‍රදේශයට ප්‍රවාහනය කළ බව අදාළ වාර්තාව පවසයි.

මෙම වසරේ  මුල් මාස හය තුළ සිරියාවේ දෛනික ඛනිජතෙල් නිෂ්පාදන ධාරිතාව බැරල් අසූ දහස් තුන්සියයකි. ඉන් හැට හය දහසක්ම ඇමරිකාව හෝ එහි අනුබලය සහිත සන්නද්ධ බලවේග විසින් නීතිවිරෝධීව නිස්සාරණය කරනු ලැබූ බව සිරියානු ඛනිජතෙල් හා සම්පත් අමාත්‍යංශය අගෝස්තු මාසයේ නිවේදනයක් පළකරමින් ප්‍රකාශ කර ඇත. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම