කැළඹිලි සහිත ලෝකයට චීනයෙන් තිරසර දැක්මක්
2022-09-27 13:50:45
Share with:

මේ වසරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය පැවැත්වීම නිමිත්තෙන් ලෝකය සිදුවීම් රැසක් සහිත කාලයකට එළඹ තිබේ. නව කොරොනා වසංගතය තවමත් පැතිර යයි. ලෝක ආර්ථික අවපාතයේ අවදානම වැඩි වී ඇති අතර, යුක්රේන අර්බුදය අඛණ්ඩව උත්සන්න වීමෙන් බලශක්ති අර්බුදයක් හා ආහාර අර්බුදයක් වර්ධනය වී ඇත.

මෙම පසුබිම යටතේ, චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය වං යී මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාන්‍ය විවාදයේදී දේශනයක් පවත්වමින්, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් යෝජනා කරන ලද ගෝලීය ආරක්ෂක මුලපිරීම සහ ගෝලීය සංවර්ධන මුලපිරීම නැවත වරක් ලෝකයට පැහැදිලි කළේය. එමගින් ප්‍රධාන ජාත්‍යන්තර ගැටළු මාලාවක් සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිපත්තිමය ස්ථාවරය විග්‍රහ කෙරෙන අතර, ලෝකයේ බොහෝ රටවල පොදු අපේක්ෂාව ද ප්‍රකාශ කෙරේ.

එක්සත් ජාතීන්ගේ 77 වැනි මහා මණ්ඩල සැසිවාරයේ සභාපති Korosi Csaba මහතා පෙන්වා දුන්නේ, චීනය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ කටයුතුවලදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති අතර, ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් යෝජනා කරන ලද වැදගත් මුලපිරීම් වත්මන් අභියෝගවලට ඵලදායී ලෙස මුහුණ දීම සඳහා දැක්මක් සහ විසඳුම් සපයා දී තිබෙන බවයි. බහුපාර්ශ්වවාදයට සහය වීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව හා තිරසර සංවර්ධනය සඳහා චීනයේ දිගුකාලීන වැදගත් ක්‍රියාපටිපාටි එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා ද අගය කරයි.

කැළඹිලි සහිත ලෝකයට, චීනය වටිනා සහතිකයක් රැගෙන එයි. චීනයේ "මිතුරන්ගේ කවය" ද වඩා පුළුල් වනු ඇති අතර, එය ලෝක සාමය හා සංවර්ධනයේ ප්‍රගමනය සඳහා සවිමත් බලවේගයක් බවට පත්වනු නිසැකය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම