ලොව විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාවේ හිමිකරු සිය වගකීම නිසි ලෙස ඉටුකළ යුතු බව චීනය පවසයි
2022-09-27 16:08:29
Share with:

ලෝකයේ විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාව හිමි රට සිය වගකීම නිසි ලෙස ඉටු කළ යුතු බව චීනය පවසයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන උපනියෝජිත Geng Shuang මහතා ඊයේ (26) මේ බව ප්‍රකාශ කළේ, එක්සත් ජාතීන්ගේ මහ සම්මේලයේ “න්‍යෂ්ටික අවි සම්පූර්ණයෙන් තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය ” සැමරීම සඳහා පැවති උසස් පෙළේ රැස්වීමේදීය. විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාව හිමි රට විශේෂ හා ප්‍රමුඛ වගකීම් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කළ යුතු බවත්, තවදුරටත් විශාල වශයෙන් න්‍යෂ්ටික අවි අඩු කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය. මෑතකදී ඇතැම් රටවල් යුද සන්ධාන ශක්තිමත් කරමින්, විවිධ කණ්ඩායම් අතර ගැටුම් ඇතිකර උපායමාර්ගික යුද බලය ඉදිරියට මෙහෙයවා න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගීතාව අයුතු ලෙස ක්‍රියාත්මක කරමින් සිටී. න්‍යෂ්ටික අවි සම්පූර්ණයෙන් තුරන් කිරීමේ සහ න්‍යෂ්ටික අවි රහිත ලෝකයක් ගොඩනැගීමේ ඉලක්ක දැඩිව උල්ලංඝනය කරන එවැනි ක්‍රියාකාරකම් වහා නතර කළ යුතු බවද Geng Shuang මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම