ජර්මානු චාන්සලර්වරයා කටාර් රාජ්‍යයට පැමිණෙයි
2022-09-26 11:09:41
Share with:

ගෑස් සැපයුම සහ අනෙකුත් ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට ජර්මානු චාන්සලර්වරයා කටාර් රාජ්‍යයට පැමිණෙයි.

ඊයේ(25) එරටට පැමිණි ජර්මානු චාන්සලර් Olaf Scholz මහතා, කටාර් හි එමීර්වරයා වන Tamim Bin Hamad Al Thani මහතා සමඟ සාකච්ඡා පැවැත්වීය. කටාර්හි ස්වාභාවික ගෑස් ජර්මනියට අපනයනය පුළුල් කිරීම පිළිබඳව දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු කරගැනිණ.

සාකච්ඡාවෙන් පසු පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී Tamim Bin Hamad Al Thani මහතා පැවසුවේ, දෙරට බලශක්ති සමාගම්, එම ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා ගවේෂණය කරමින් සිටින බවයි. කටාර්හි ද්‍රවීකරණ ස්වාභාවික ගෑස් ආනයනය පිළිබඳ ප්‍රගතියක් අත්කර ගැනීමට බලාපොරොත්තු වන බව Olaf Scholz මහතා මෙහිදී පැවසීය.

විදුලිබල නිෂ්පාදනය, ගුවන් සේවා, නව තාක්ෂණික සංවර්ධනය සහ බර උපකරණ නිපැයුම් යනාදී ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගිතාව පුළුල් කිරීමට ජර්මනිය සූදානමින් සිටින බව ද හෙතෙම කියාසිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම