‘2022 වසරේ පරිසරය, සංවර්ධනය සහ මානව හිමිකම්’සමුළුව චීනයේ දී
2022-09-26 10:11:23
Share with:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය හා  සම්බන්ධ ‘2022 වසරේ පරිසරය, සංවර්ධනය සහ මානව හිමිකම්’ තේමාවෙන් යුතු සමුළුව පැවැත්වෙයි. එය පසුගියදා චීනයේ Shanghai නගරයේ දී පැවැත්විණ. පාරිසරික මානව හිමිකම් න්‍යාය, දේශගුණික විපර්යාස සහ මානව හිමිකම් යන මාතෘකා පිළිබඳව චීන සහ විදේශීය විශේෂඥයෝ සහ විද්වත්හු දස දෙනෙකුට වැඩි පිරිසක් මෙහිදී වැදගත් සාකච්ඡාවන්ට එක්වූහ.

Fudan විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පර්යේෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Tang Xianxing මහතා එහිදී පැවසුවේ, පසුගිය දශක කිහිපය තුළ චීනය පුරවැසියන්ගේ පාරිසරික අයිතිවාසිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම රටේ සහ රජයේ වගකීම ලෙස සලකා ක්‍රියාකර ඇති බවයි. එසේම එමඟින්, ජාතික නීති සහ ප්‍රතිපත්ති පද්ධති ප්‍රතිසංස්කරණය හා වැඩිදියුණු කිරීමේ දිශාව පෙන්වා දී තිබේ.

ඉකුත් දශකය තුළ චීනය පාරිසරික ශිෂ්ටාචාරය ගොඩනැගීම ප්‍රශස්ත අයුරින් ප්‍රවර්ධනය කර, පාරිසරික සෞඛ්‍යය සහ ක්‍රියා පටිපාටි මෙන්ම පාරිසරික අයිතිවාසිකම් කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින් පුරවැසියන්ගේ පාරිසරික මානව හිමිකම් මනාව සහතික කර ඇතැයි Nanjing විශ්වවිද්‍යාලයේ නීති විද්‍යාල මහාචාර්ය Wu Weixing මහතා මෙහිදී පැවසීය.

ඉන්දියාවේ නේරු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක වන Amita Singh මහතා, සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල අවශ්‍යතා සමතුලිත කිරීම දේශගුණික විපර්යාස පිළිබඳ සාකච්ඡාවලදී වැදගත් කරුණක් බව පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම