ඇමරිකාව ‘සම්බාධක පැණවීමට මනා පුරුද්දක් ඇති රටක්’ බව චීනය කියයි
2022-09-26 19:40:33
Share with:

 

ඇමරිකාව සැබවින්ම ‘සම්බාධක පැණවීමට මනා හැකියාවක් ඇති රටක්’ බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි.

 ඔහු මේ බව පැවසුවේ අද(26) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. වසර 2000 සිට 2021 දක්වා කාලය තුළ ඇමරිකාව, සෙසු රටවලට සිදු කළ සම්බාධක පැණවීම්, සියයට 933කින් වැඩි වූ බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ පරමාර්ථ, මූලධර්ම හා ජාත්‍යන්තර නීතිවලට පටහැනි වන සේ සෙසු රටවලට ඒකපාර්ශ්වික සම්බාධක පැණවීමේ ඇමරිකානු ක්‍රියා, ජාත්‍යන්තර දේශපාලන ආර්ථික පටිපාටිය හා ගෝලීය පාලන පද්ධතියට දැඩි ලෙස පහර දී ඇත. අදාළ රටවල් තම සම්පත් යොදාගනිමින් ආර්ථිකය හා ජනජීවිතය යහපත් කිරීමට දැරූ ප්‍රයත්න ඉන් දැඩි ලෙස බිඳවැටී ඇත. එමගින් එම රටවල ජනතා අයිතිය, ස්වයං තීරණ අයිතිය මෙන්ම සංවර්ධන අයිතියට දැඩි හානි එල්ල කෙරුණු අතර, මානව හිමිකම් සම්බන්ධයෙන් අඛණ්ඩ, පද්ධතිමය හා විශාල පරිමාණ උල්ලංඝනයන් සිදු කර ඇතැයි වං වෙන්බින් මහතා කියාසිටී.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම