ව්‍යාජ තොරතුරු පැතිරවීම පිළිබඳ දැවැන්තයා ඇමරිකාව බව චීනය පවසයි
2022-09-26 18:54:27
Share with:

ව්‍යාජ තොරතුරු පැතිරවීම පිළිබඳ දැවැන්තයෙකු වන ඇමරිකාව අඛණ්ඩව වෙනත් රටවල් අපකීර්තියට පත්කිරීමට උත්සාහ දරමින් සිටින බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා පවසයි.

වසර ගණනාවක් තුළ, ඇමරිකාව සමාජ මාධ්‍ය ඔස්සේ චීනය, රුසියාව හා ඉරානය ඇතුළු රටවල් ඉලක්ක කර විශාල ප්‍රචාරක ජාලයක් ගොඩනගා ඇති අතර, ව්‍යාජ ගිණුම් හා උණුසුම් මාතෘකා නිර්මාණය මගින් දේශපාලන ප්‍රචාරණ සහ වැරදි තොරතුරු ව්‍යාපාර දියත් කර ඇති බව Wang Wenbin මහතා අද (26) පැවසීය.

ඉරාකයේ ඊනියා “සමූලඝාතක අවි”, සිරියාවේ “සුදු හිස්වැසුම්” සහ චීනයේ “ෂින්ජියැන්ග් ජන සංහාරය” යන සියල්ලම ඇමරිකාවේ බංකොලොත්භාවයේ ප්‍රකාශනයන් බවට පත්වනු ඇත. ඇමරිකාවේ සැබෑ ක්‍රියාකලාපය දිනෙන් දින පැහැදිලිව හෙළිදරව් වන බව ද Wang Wenbin මහතා කියාසිටියේය.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම