‘තුවක්කු මූලලේඛය’ සඳහා දේශීය ක්‍රියා පරිපාටිය ක්‍රියාත්මක කරමින් සිටින බව චීනය පවසයි
2022-09-26 19:47:30
Share with:


‘තුවක්කු මූලලේඛය’ අනුමත කිරීම සඳහා චීනය ඊට අදාළ දේශීය ක්‍රියා පරිපාටිය දියත් කරමින් සිටින බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි.

‘තුවක්කු මූලලේඛය’ යනු, ‘අන්තර්ජාතික සංවිධානගත අපරාධවලට පහරදීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ගිවිසුමේ’ සහ සැහැල්ලු හා කුඩා අවි පාලන ක්ෂේත්‍රයේ වැදගත් ආචාර ධර්ම පද්ධතියක් බව වං වෙන්බින් මහතා කීය.

තුවක්කු පාලනයට සැමවිටම  උපරිමයෙන් අවධානය යොමු කරන චීන රජය නීතිවිරෝධීව තුවක්කු නිෂ්පාදනය හා අලෙවියට දැඩි ලෙස විරුද්ධ වේ. දිගුකාලීන ප්‍රයත්නයකින් පසු දැනට චීනය ලෝකයේ තුවක්කුවලට අදාළ අපරාධ අඩුම වශයෙන් සිදුවන, සුරක්ෂිතම රටවලින් එකක් බවට පත්ව ඇතැයි ද ඔහු අවධාරණය කර ඇත.


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම