ජනපති ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක
2022-09-26 17:24:29
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයකට එක්වෙයි. හෙතෙම අද (26) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

සිය දෙදින ජපාන සංචාරයේදී,  ජනාධිපතිවරයා හිටපු අග්‍රාමාත්‍ය ෂිංසෝ අ‍බේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට  සහභාගි වනු ඇත. අනතුරුව ජපාන අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා සමග ද  හෙතෙම ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීම සඳහා ලබන 28 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනය බලා පිටත්ව යනු ඇත. එහිදී ජනාධිපතිවරයා, පිලිපීන ජනාධිපති බොං බොං මාකෝස් මහතා සමග මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා මහතා සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම