චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයට එක්වන නියෝජිතවරුන් තෝරා පත්කිරීම පිළිබඳව විග්‍රහ කෙරේ
2022-09-26 20:44:29
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයට එක්වන නියෝජිතවරුන් තෝරා පත්කිරීමේ කටයුතු සම්බන්ධයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සංවිධායක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක් කරුණු විග්‍රහ කරයි.

අදාළ කටයුතු සම්බන්ධයෙන් එම ප්‍රධානියා මෑතකදී මාධ්‍යවේදීන් සමග සම්මුඛ සාකච්ඡාවක නිරත විය.

රට පුරා මැතිවරණ ඒකක 38ක් වෙන් වෙන්ව පක්ෂ නියෝජිතවරුන්ගේ රැස්වීම් පවත්වා, ඡන්දය ප්‍රකාශ කිරීම් මගින්, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයට එක් වන නියෝජිතවරුන් 2296 දෙනෙකු තෝරා පත් වී ඇතැයි ඔහු පැවසීය. එම නියෝජිතවරු, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් නියම කරනු ලැබූ අදාළ ප්‍රමිතීන් සපුරා ඇති, ඉහළ චින්තනයකින් හා දේශපාලනික ගුණාංග මෙන්ම යහපත් කල්ක්‍රියාවෙන් යුතු, සාකච්ඡාවන්ට ඉදිරිපත් වීමේ මනා හැකියාවන් සහිත, සිය වෘත්තීය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ජයග්‍රහණ දිනා ගත්, චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෝ වෙති. එහි නියෝජනයේ ව්‍යුහය හා අනුපාතිකය, හේතු සහගත මෙන්ම මධ්‍යම කාරක සභාවේ ප්‍රමිතීන් සපුරා ගෙන ඇත. එහි සහභාගිත්වය ද ඉහළ තත්ත්වයක පවතී.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම