" පුනර්ජීවනයේ ලේඛන මාලාව " නමැති කෘතියට චීන ජනපතිගෙන් පෙරවදනක්
2022-09-26 17:18:48
Share with:

ඉතිහාසයෙන් අත්දැකීම් ලබාගනිමින් චීන ජාතියේ දීප්තිමත් පුනර්ජීවනය සාක්ෂාත් කිරීමේ මාර්ගයේ ස්ථිරව ඉදිරියට ගමන් කරන බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා " පුනර්ජීවනයේ ලේඛන මාලාව " නම් කෘතිය සඳහා පෙරවදනක් රචනා කර ඇත. ඒ, "පුනර්ජීවන මාර්ගයේ ස්ථීර ලෙස ඉදිරියට ගමන් කිරීම"  යන තේමාවෙනි.

 "පුනර්ජීවනයේ ලේඛන මාලාව" නම් කෘතිය සම්පාදනය කිරීම,චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් අනුමත කරන ලද වැදගත් සංස්කෘතික ව්‍යාපෘතියක් බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ සියලු ජනතාව එක්ව නව සමාජවාදී රටක් පූර්ණ වශයෙන් ගොඩනැගීමේ නව ගමන ආරම්භ කිරීමේ අවස්ථාවේදී, එම කෘතිය ප්‍රකාශයට පත්කිරීම, ඓතිහාසික විශ්වාසය තහවුරු කිරීමට ඉවහල් වන බව ජනාධිපතිවරයා කියාසිටී. එසේම එය, යුගයේ ප්‍රධාන ප්‍රවණතා ග්‍රහණය කරගනිමින් චීන මාර්ගය ඔස්සේ ඉදිරියට යාමේදීත්, චීන ආකාරයේ නවීකරණය මගින් චීන ජාතියේ මහා පුනර්ජීවනය සංවර්ධනය කිරීමේදීත් ඉතා වැදගත් බව ද හෙතෙම පැවසීය.

චීන කොමියුනිස්ට් පක්‍ෂ ඉතිහාසය මනාව හැදෑරීමේ පදනම මත, නූතන චීනය මෙන්ම චීනයේ ඉතිහාසය ද ගැඹුරින් අධ්‍යයනය කළ  යුතුය. නව යුගයේ චීන ලක්‍ෂණ සහිත සමාජවාදය වඩාත් ස්ථීර ලෙස අනුගමනය කර, එය ප්‍රවර්ධනය කළ යුතුය.චීන ජාතියේ දීප්තිමත් පුනර්ජීවනය සාක්ෂාත් කිරීමට අප පරම්පරාවේ බුද්ධිමය හැකියා හා ශක්තිය යෙදවිය යුතු බවද ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී පවසා ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම