ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම සහ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා චීනයේ සහාය
2022-09-25 18:57:24
Share with:

 

ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම සහ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා G20 කණ්ඩායමේ සෙසු සාමාජිකයින් සමඟ කටයුතු කිරීමට සූදානම් බව චීනය පවසයි.

ඉන්දුනීසියාවේ පැවති G20 වෙළඳ, ආයෝජන සහ කර්මාන්ත අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී වීඩියෝ  තාක්ෂණය හරහා සම්බන්ධ වෙමින් චීන  උප වාණිජ අමාත්‍ය සහ චීන ජාත්‍යන්තර වෙළඳ නියෝජිත වන්ග් ෂෝවෙන් මහතා ඒ බව ප්‍රකාශ කළේය. 

චීනය සිය නව සංවර්ධන දර්ශනයට අනුගත වෙමින් හරිත සංවර්ධන හවුල්කාරිත්වයන් පෝෂණය කිරීම, ජාත්‍යන්තර ආයෝජන සහයෝගීතාව ක්‍රියාත්මක කිරීම සහ එක් තීරයක් එක් මාවතත් හරිත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට චීනය කැපවී සිටී.ගෝලීය පොදු සෞඛ්‍ය ප්‍රජාවක් ගොඩනැගීම සඳහා චීනය රටවල් හා කලාප 120 කට වැඩි ප්‍රමාණයක් සහ සමඟ එන්නත් සහයෝගතා   පවත්වා ඇති බව ද චීන උප වාණිජ ඇමතිවරයා පැවසීය.කාර්මික ඩිජිටල්කරණය සහ ඩිජිටල් කර්මාන්තකරණය ඉදිරියට ගෙන යාමේ උත්සාහයන් මධ්‍යයේ, චීනය ඩිජිටල් ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුමට සම්බන්ධ වීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන අතර ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කරමින් සිටින බව ද හෙතෙම සඳහන් කළේ ය.

 

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම