ඉදිරි අධ්‍යයන වර්ෂය සඳහා විශ්විද්‍යාලවල නව පාඨමාලා
2022-09-25 17:32:49
Share with:

ඉදිරි අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාලවල නව පාඨමාලා කිහිපයක් හදුන්වාදී ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මුල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ පාඨමාලාවක් සහ නිර්මාණාත්මක සංගීතය හා තාක්ෂණය පිළිබඳ පාඨමාලාවක් ආරම්භ කෙරේ. ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ඉංග්‍රිසි භාෂාව හා ව්‍යාවහාරික වාග් විද්‍යාව පිළිබඳ පාඨමාලාවක් ආරම්භ කිරීමට විධිවිධාන යොදා තිබේ. වව්නියාව විශ්ව විද්‍යාලයේ බැංකුකරණ හා රක්ෂණ පාඨමාලාවක් ආරම්භ කෙරෙනු ඇත. පරිගනක විද්‍යාව පිළිබඳව නව පීඨයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආරම්භ කරන බවද සභාපතිවරයා කියයි. 2021 / 2022 අධ්‍යයන වර්ෂය සදහා සිසුන් 42 දහස් 519 දෙනෙකු විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමට නියමිතයි. විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අයදුම්පත් භාර ගැනීම පසුගිය සිකුරාදා අවසන් විය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම