චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ නියෝජිතයන් තෝරා ගැනේ
2022-09-25 19:45:48
Share with:
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ නියෝජිතයන් තෝරාපත් කෙරේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය එළඹෙන ඔක්තෝබර් මස 16වැනි දා ආරම්භ වීමට නියමිතව ඇත. මේ වන විට ඊට එක් වන නියෝජිතයන් 2296 දෙනෙකු තෝරාපත් කර තිබේ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නව යුගයේ චීන ලක්ෂණවලින් යුත් සමාජවාදී චින්තනය හා චීන කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාව පදනම් ව ක්‍රමානුකූලව විවිධ මට්ටම්වලින් එම නියෝජිතයන් තෝරාගෙන ඇත. එම නියෝජිතයන් චීනයේ විවිධ ක්ෂේත්‍රවල නියැළී සිටින ආදර්ශවත් කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් වීම විශේෂත්වයකි.