චීන ඇමරිකා සබඳතාවන්ට වර්තමානයේ බරපතල බලපෑම් එල්ල වී ඇති අතර ඇමරිකාව ඉන් පාඩම් ‍ඉගෙන ගත යුතු බව චීන විදේශ ඇමති කියයි
2022-09-24 19:07:55
Share with:

චීන ඇමරිකා  සබඳතාවන්ට  වර්තමානයේ බරපතල බලපෑම් එල්ල වී ඇති අතර ඇමරිකාව ඉන් පාඩම් ‍ඉගෙන ගත යුතු බව චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ අමාත්‍ය වන්ග් යී මහතා ඇමරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා හමුවේ ප්‍රකාශ කරයි.

එක්සත් ජාතීන්ගේ චීන  නිත්‍ය දූත මණ්ඩල භූමියේදී ‍එම දෙපල හමුවූයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරයට සමගාමීවය.

චීන හා ඇමරිකා සබඳතා තීරණාත්මක සන්ධිස්ථානයක පවතින බව හෙතෙම කීය.ලෝකයට, ඉතිහාසයට සහ දෙරටේ ජනතාවට වගකිව යුතු ආකල්පයකින්, ප්‍රධාන රටවල් දෙක සුහදව කටයුතු කිරීමට නිවැරදි ප්‍රවේශය අනුගමනය කරමින් ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් පිරිහීම නතර කර එය නැවත ස්ථාවර කළ යුතු බව ද චීන විදේශ ඇමතිවරයා පැවසීය. තායිවාන ප්‍රශ්ණය සම්බන්ධයෙන් ඇමරිකා පාර්ශ්වයේ මෑත කාලීන වැරදි ක්‍රියාවන් පිළිබඳව විශේෂ අවධානය යොමු කළ වන්ග් යී මහතා තායිවාන ප්‍රශ්ණය චීන අභිලාෂයන් හී කේන්ද්‍රගතව පවතින්නක් බව අවධාරණය කළේ ය. ජාතික ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව සුරැකීම ප්‍රධාන මෙහෙවරකි. ඇමරිකාව චීන ප්‍රශ්ණය සම්බන්ධයෙන් චීනයට පැහැදිලි දේශපාලන ප්‍රතිඥා ලබා දී ඇත. එහෙත් ඇමරිකාව සිදු කර ඇත්තේ එම ප්‍රතිඥාවන්ට පටහැනි ආකරයෙන් යැයිද හෙතෙම සඳහන් කළේය.එකම චීනය මූලධර්මය පිළිපදිමින් ඇමරිකාව යළි චීන ඇමරිකා ලියවිලි තුන අනුගමනය කළ යුතු  බවද චීන විදේශ ඇමතිවරයා එහිදී අවධාරණය කළේ ය.එම හමුවේ දී අදහස් දැක්වූ ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ චීන ඇමරිකා සබඳතා දුෂ්කර තත්ත්වයක පවතින බවයි.

ඇමරිකාව සහ චීනය අතීතයේ ඔවුනොවුන් ගේ වෙනස්කම් සාර්ථකව කළමනාකරණය කර ඇති බව සඳහන් කළ , බ්ලින්කන් මහතා  ඇමරිකාව චීනය සමඟ අවංක සන්නිවේදනයේ සහ සංවාදයේ යෙදෙමින් අනවබෝධයන්  වළක්වා ඉදිරි මාවතක් සොයා ගැනීමට කැමැත්තෙන් සිටින බවයි.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම