“නිල් පැසිෆික් කලාපයේ හවුල්කරුවන්”නමැති සංවිධානයේ යටි අරමුණ හෙළිවෙයි
2022-09-24 19:04:14
Share with:

             

               ඇමරිකාව පැසිෆික් කලාපයේ සංවර්ධනයට අවධානය යොමු කරන බව පසුගිය 22වැනි දා ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මහතා “නිල් පැසිෆික් කලාපයේ හවුල්කරුවන්”නමැති විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමේදී කියා සිටියේ ය. “නිල් පැසිෆික් කලාපයේ හවුල්කරුවන්”පසුගිය ජුනි මාසයේ ස්ථාපිත කරන ලද සංවිධානයකි. එහි සාමාජික රටවල් වන්නේ ඇමරිකාව, බ්‍රිතාන්‍යය , ඕස්ට්‍රේලියාව ,ජපානය හා නවසීලන්තයයි. ඉන්දියාව ඊට එක් වූයේ එහි නිරීක්ෂක රටක් වශයෙනි. පැසිෆික් දූපත් රටවල් සමග විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා ශක්තිමත් කිරීම සඳහා එම සංවිධානය ස්ථාපිත කළ බව ඇමරිකාව ප්‍රකාශ කළ ද එය සත්‍යය නොවන බව ඇමරිකානු මාධ්‍ය පෙන්වා දෙයි. ඇමරිකානු මාධ්‍යයන්ට අනුව , එම සංවිධානයේ සැබෑම අරමුණ වන්නේ දකුණු පැසිෆික් කලාපයේ දිනෙන් දින වර්ධනය වන චීන බලපෑම් මැඩපැවැත්වීමයි.

                කාලාන්තරයක් තිස්සේ දකුණු පැසිෆික් කලාපය ඇමරිකාවේ වැඩි අවධානයට ලක් නොවීය. මෙම වසරේ මුලදී චීනය සොලමන් දූපත් සමග ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඇමරිකාව නොසන්සුන්තාවයට පත්ව සිටී. ඉන් අනතුරුව ඇමරිකාව පැසිෆික් දූපත් රටවලට සිය ඉහළ පෙළේ නිලධාරීන් බොහෝ වර යැවීය. පැසිෆික් කලාපයේ සිය තානාපති කාර්යාල 2ක් විවෘත කරන බව ඇමරිකාව පසුගිය ජුලි මස ප්‍රකාශ කර ඇත. 

                 පැසිෆික් රටවලට නම් දේශගුණ විපර්යාසය හා කොවිඩ් වසංගතයෙන් ඇති වන අභියෝගවලට මුහුණ දීම හදිසිම කාර්යයයි. මේ සඳහා ඇමරිකාව එම රටවලට අවංක සහය ලබා දෙන්නේ නම් කිසිදු ‍දේශපාලන කොන්දේසියකින් තොරව අනෝන්‍ය යහපත හා සමානත්මතාව පදනම් ව එම රටවල් සමග සහයෝගිතා පැවැත්විය යුතු ය.       

 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම