කොළඹ නගරයේ විශාල ප්‍රදේශයක් අධි ආරක්‍ෂිත කලාප ලෙසට නම් කෙරේ
2022-09-24 17:57:54
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස කොළඹ සහ අවට පිහිටි ප්‍රධාන රාජ්‍ය ආයතන පිහිටි ගොඩනැගිලි 18 ක් ඇතුළු ප්‍රදේශ රැසක් අධි ආරක්‍ෂිත කලාප බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනය මගින් පාර්ලිමේන්තු සංකීර්ණය, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, මහාධිකරණ සංකීර්ණය, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය, කොළඹ නීතිපති දෙපාර්තමේන්තු, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, අකුරේගොඩ ආරක්‍ෂක අමාත්‍යංශය, යුද හමුදා මූලස්ථානය, ගුවන් හමුදා මූලස්ථානය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය, අරලියගහ මන්දියර, ආරක්‍ෂක ලේකම් නිල නිවස සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස ඇතුළු ප්‍රදේශ රැසක් අධි ආරක්‍ෂිත කලාප බවට පත්කර තිබේ. 

මෙම ගැසට් නිවේදනයත් සමඟ කොළඹ නගරයේ විශාල ප්‍රදේශයක් අධි ආරක්‍ෂිත කලාපයක් බවට පත්කිරීම කැපී පෙනේ. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම