ජපානය මහජන මතයට මුහුණ දී න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදාහැරීමේ සැලැස්ම වහාම නතර කළ යුතුය
2022-09-23 14:42:55
Share with:

ෆුකුෂිමා පළමු න්‍යෂ්ටික බලාගාරයේ න්‍යෂ්ටික දූෂිත ජල මුහුදට මුදාහැරීමේ සැලැස්ම එරෙහිව, ජපානයේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන පසුගිය 21 වැනිදා ටෝකියෝ විදුලි බල සමාගමට සහ ජපානයේ ආර්ථික, වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍යංශයට පුද්ගලයන් 42000කගේ ඒකාබද්ධ අත්සනක් ඉදිරිපත් කළේය.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ජපාන රජය, 2023 වසරේ වසන්ත කාලයේ  සිට ෆුකුෂිමා දූෂිත ජලය සාගරයට මුදා හැරීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කළේය. දූෂිත ජලය මුදාහැරීමේ හැසිරීම සාධාරණීකරණය කිරීම සඳහා, ජපන් දේශපාලනඥයන් කියා සිටින්නේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය බහු-නියුක්ලයිඩ් පිරිපහදු පද්ධතිය මගින් පිරිසිදු කිරීමෙන් පසුව ආරක්ෂිත සහ "පානය කිරීමට වුවද " බවයි. ගෙවී ගිය වසර පුරා, මෙම ස්වයං-රැවටිලිකාරී ප්‍රකාශ නැවත නැවතත් අසත්‍ය බව නිරන්තරයෙන් ඔප්පු වී ඇත.

පිරිපහදු කළ න්‍යෂ්ටික අපද්‍රව්‍යවල ජපන් පාර්ශ්වයේ ඊනියා “ආරක්ෂාව”විකාරයක් මිස අන් කිසිවක් නොවේ. ජපානයේ දත්තවල විශ්වසනීයත්වය, පිරිසිදු කිරීමේ උපකරණවල ඵලදායීතාවය සහ පාරිසරික බලපෑමේ අවිනිශ්චිතභාවය පිළිබඳ ජගත් ප්‍රජාවේ සැකය සම්පූර්ණයෙන්ම සාධාරණය. රජය විසින් මුහුදට අපද්‍රව්‍ය මුදා හැරීමට එරෙහි ජපන් ජනතාවගේ විරෝධය ද සාධාරණය.

ෆුකුෂිමා න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කිරීම කිසිසේත් ජපානයේ හුදෙකලා  ක්‍රියාවක් නොවන අතර එය ගෝලීය සාගර ජෛව පරිසරයේ ආරක්ෂාව සහ විවිධ රටවල ජනතාවගේ ජීවිත හා සෞඛ්‍යයට සම්බන්ධ වේ.

දූෂිත ජලය මුහුදට මුදා හැරීමේ භයානක සැලැස්ම ජපාන රජය වහාම නතර කළ යුතුය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම