ඇමරිකාවේ අධිපතිවාදී ක්‍රියාවන් එක්සත් ජාතීන්ගේ 77 වැනි මහා මණ්ඩල සැසිවාරයේ දී දෝෂ දර්ෂණයට ලක්වෙයි
2022-09-23 09:56:06
Share with:

එක්සත් ජාතීන්ගේ 77 වැනි මහා මණ්ඩල සැසිවාරයේ පොදු විවාදය ඊයේ (21) දෙවැනි දිනට පිවිසියේය. වෙනත් රටවලට එරෙහිව ඒකපාර්ශ්වික සම්බාධක පැනවීමේ ඇමරිකාවේ අධිපතිවාදී ක්‍රියාව හෙළා දකිමින් සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමේ අමෙරිකාවේ නීතිවිරෝධී හැසිරීමට එරෙහිව බොහෝ රටවල නායකයෝ එහිදී අදහස් දැක්වූහ.

ඉරානය "න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමට හෝ අත්පත් කර ගැනීමට උත්සාහ නොකරන" බවත් ඇමරිකාව ඉරාන න්‍යෂ්ටික ගිවිසුම පාගා දමමින් සිටින බවත් ඉරාන ජනාධිපති Ebrahim Raisi මහතා එහිදී සිය කතාවේදී පැවසීය.සෙසු රටවල සංවර්ධනය සීමා කිරීම සඳහා ඇමරිකාවේ අධිපතිවාදය සහ ඒකපාර්ශ්වික සම්බාධක භාවිත කිරීම ඔහු දැඩි ලෙස හෙළා දුටුවේය.

කියුබා විදේශ අමාත්‍ය Bruno Rodríguez Parrilla මහතා සිය කතාවේදී කියුබාවේ ආර්ථික සංවර්ධනයට බරපතළ හානි සිදු කරමින් ඇමරිකාව විසින් අඛණ්ඩව ගෙන යන ආර්ථික, වාණිජ සහ මූල්‍ය සම්බාධක විවේචනයට ලක් කළේය.

සිය කතාවේදී නැමීබියානු ජනාධිපති Hage Geingob මහතා ඇමරිකාවෙන් ඉල්ලා සිටියේ නීති විරෝධී සම්බාධක ඉවත් කර සිම්බාව්වේ ජනතාවට සංවර්ධනය වීමට ඇති අයිතියට ගරු කරන ලෙසයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම