වැරදි පියවරයන් චීන-ඇමරිකා සබඳතා නිවැරදි මාවතෙන් බැහැර කරවීමට හේතු වන බව, චින විදේශ අමාත්‍යංශය පවසයි.
2022-09-23 19:25:03
Share with:

විස්තීරණ ගැටුමක් අවුලුවාලීම හෝ මූලෝපායික තරඟකාරීත්වයක් ප්‍රවර්ධනය කිරීම හෝ සිදු කිරීම, චීන-ඇමරිකා සබඳතා නිවැරදි මාවතෙන් බැහැර කරන්නක් බව, චින විදේශ අමාත්‍යංශය පවසයි.

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ ඇමති වං යී මහතා ඊයේ(22) ආසියා සමාජයේ නිව් යෝර්ක් මූලස්ථානයේ දී දේශනයක් පවත්වමින් පැවසුවේ, චීනය, ලෝකය සහ ඇමරිකාව තමා ගැන ඇමරිකාව වරදවා වටහාගෙන තිබීම  හේතුවෙන්, මෑත වසරවල චීන-ඇමරිකා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පහළ මට්ටමක පවතින බවයි.

චීනය සහ ඇමරිකාව අතර නිවැරදි සම්බන්ධ මාර්ගය වන්නේ, අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය සහ සහයෝගී ද්විත්ව ජයග්‍රහණයයි.

මෙම මූලධර්ම තුන අඩ සියවසකට වැඩි කාලයක් පුරා චීන-ඇමරිකා සම්බන්ධතාවලින් ලබා ගත් වැදගත් නිගමන වේ. වත්මන් යුගයේ ප්‍රධාන බලවතුන් එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීමේ නිවැරදි මාර්ගය මෙය බව ද, වං යී මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම