ජර්මනිය ඇතුළු ජී-7 කණ්ඩායමේ සාමාජික රටවල් වචනයෙන් නොව ක්‍රියාවෙන් එකම චීනය ප්‍රතිපත්තිය අනුගමනය කරනු ඇතැයි බලාපොරොත්තු වන බව චීනය පවසයි
2022-09-23 17:26:53
Share with:

           ජර්මනිය ඇතුළු ජී-7 කණ්ඩායමේ සාමාජික රටවල් වචනයෙන් නොව ක්‍රියාවෙන් එකම චීනය ප්‍රතිපත්තිය අනුගමනය කරනු ඇතැයි බලාපොරොත්තු වන බව චීනය පවසයි.

           තායිවානය පිළිබඳව ජී-7 කණ්ඩායමේ ස්ථාවරය වෙනස් නොවන බව  ඊයේ (22) ජර්මන් විදේශ අමාත්‍ය Annalena Baerbock මහතා ප්‍රකාශ කළේ ය. ජී-7 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන් හා යුරෝපා සංගමයේ විදේශ හා ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ පෙළේ නියෝජිතයන් පැවැත්වූ රැස්වීමකදී වත්මන් තායිවාන සමුද්‍ර සන්ධියේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කෙරිණ. එකම චීනය ප්‍රතිපත්තිය අඛණ්ඩව අනුගමනය කරන බව ජර්මන් විදේශ අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

               ජර්මනිය ඇතුළු ජී-7 කණ්ඩායමේ සාමාජික රටවල් වචනයෙන් නොව ක්‍රියාවෙන් එකම චීනය ප්‍රතිපත්තිය අනුගමනය කරනු ඇතැයි බලාපොරොත්තු වන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන් බින් මහතා අද (23)  පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.            

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම