අමාත්‍යවරුන් ගේ විදෙස් සංචාර සීමා‍ කෙරේ
2022-09-23 18:05:23
Share with:

දැනට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අසීරු ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන, රාජ්‍ය වියදම් අවම කිරීමේ අරමුණින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර සීමා කෙරේ.

අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක්  එම සංචාර සීමා කිරීමටත්, එවැනි සංචාරයන් සඳහා අත්‍යවශ්‍යම නිලධාරියා හෝ අදාළ සංචාරයේ රාජකාරි කටයුතු සඳහා අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය කිහිපදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම පමණක් සහභාගී කරවා ගත යුතු බවටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.

ගුවන් විදුලිය
20240509බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම