නව වටයේ චීන-යුරෝපා සංගම් ඉහළ පෙළේ උපායමාර්ගික සංවාදය කඩිනමින් ආරම්භ කළ යුතු බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
2022-09-23 10:14:25
Share with:

චීන විදේශ අමාත්‍ය වං යී මහතා, රාජ්‍යතාන්ත්‍රික හා ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිත Josep Borrell මහතා හමුවෙයි. නිව්යෝක් හිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සමගාමීව, එම හමුව පසුගිය 21 වැනිදා පැවැත්විණ.

නව වටයේ චීන-යුරෝපා සංගම් ඉහළ පෙළේ උපායමාර්ගික සංවාදය කඩිනමින් ආරම්භ කළ යුතු අතර ආර්ථික, හරිත,  ඩිජිටල් හා මානව ශස්ත්‍ර ඉහළ පෙළේ සංවාද මෙම වසරේ පැවැත්වෙනු ඇතැයි ද වං යී මහතා එහිදී බලාපොරොත්තුව පළ කළේය. සාර්ව ආර්ථිකය, මූල්‍යය, සැපයුම් දාමය, බලශක්තිය හා දේශගුණික විපර්යාසය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා ශක්තිමත් කරමින් ලොව අභියෝගයන්ට පොදුවේ මුහුණ දිය යුතු බව ද හෙතෙම පැවසීය. 

චීනයේ ජාත්‍යන්තර ස්ථානය හා දායකත්වය යුරෝපා සංගමය ඉතාමත් වැදගත් කොට සලකන බව Josep Borrell මහතා කීය. උපායමාර්ගික සන්නිවේදනය පවත්වා ගනිමින් ඉහළ පෙළේ සංවාදය ප්‍රවර්ධනය කිරීමට යුරෝපා සංගමය කැමැත්තෙන් පසු වන බව ද හෙතෙම අවධාරණය කළේය.

මානව හිමිකම් පිළිබඳව ‍ද්විපාර්ශ්වික වශයෙන් එහිදී අදහස් හුවමාරු විය. මානව හිමිකම් දේශපාලනීකරණය කිරීම වෙනුවට, අඛණ්ඩව සංවාද පැවැත්විය යුතු බව දෙපාර්ශ්ව ම විශ්වාස කරති.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම