චීනයේ මූල්‍ය නොවන බාහිර සෘජු ආයෝජනයන් හී කැපී‍ පෙනෙන වර්ධනයක්
2022-09-23 16:30:41
Share with:

මෙම වසරේ මුල් මාස 08 තුළ චීනයේ මූල්‍ය නොවන බාහිර සෘජු ආයෝජන වටිනාකම යුවාන් බිලියන 493කට ළඟා වෙයි.එය පෙර වසරේ සමාන කාලය හා සැසඳීමේ දී  සියයට 7.2ක වර්ධනයකි. බාහිර බදු හා ව්‍යාපාර සේවා අයෝජනය සියය‍‍ට 25.1කින් වර්ධනය වී ඇත. වටිනාකම ඇමරිකා ඩොලර් බිලියන 25.13කි. තොග හා සිල්ලර වෙළඳාම , නිෂ්පාදනය, ඉදිකිරීම් මෙන්ම විද්‍යාත්මක පර්යේෂණ හා තාක්ෂ‍ණ සේවා ඇතුළු බහු ක්ෂේත්‍ර එම බාහිර සෘජු ආයෝජනයන්ට ඇතුළත්ය. එක් තීරයක් එක් මාවතක් හා සම්බන්ධ රටවලට එම කාලය තුළ සිදු කර ඇති බාහිර සෘජු ආ‍යෝජනය සියයට 8.2කින් වර්ධනය වී තිබේ.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම