චීන ප්‍රවෘත්ති සේවය ස්ථාපිත කිරීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් චීන ජනාධිපතිවරයා ගෙන් සුභපැතුම්
2022-09-23 17:30:54
Share with:

චීන ප්‍රවෘත්ති සේවය ස්ථාපිත කිරීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් චීන ජනාධිපතිවරයා සුභපැතුම් පණිවුඩයක් පිරිනමයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා අද(23) එම සුභපැතුම් පණිවුඩය ‍පිරිනමමින් චීන ප්‍රවෘත්ති සේවයේ සියළු දෙනා වෙත අවංක සුභපැතුම් යොමු කළේය. ගෙවී ගිය වසර 70 තුළ චීන ප්‍රවෘත්ති සේවය දේශප්‍රේමී වාර්තාකරණ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් චීන හඬ විකාශය කිරීමට සක්‍රීය දායකත්වය දරා තිබේ. 70 වැනි සංවත්සරය නව ආරම්භයක් ලෙස ගෙන චීන ප්‍රවෘත්ති සේවයේ ජාත්‍යන්තර විකාශන හැකියාවන් වැඩිදියුණු කිරීම, විශ්වසනීය, සුන්දර මෙන්ම ගෞරවනීය චීන ප්‍රතිරූපය ප්‍රදර්ශනය කිරීමට නව දායකත්වය දැරීමට හැකිවනු ඇතැයි ෂී ජින් පිං මහතා අපේක්ෂා පළ කළේය.

චීන ප්‍රවෘත්ති සේවය 1952 වසරේ ඔක්තොබර් මස පළමු වනදා පිහිටුවනු ලැබිණ. මේ වනවිට චීන ප්‍රවෘත්ති සේවයට දෙස් විදෙස් ශාඛා 52ක් තිබේ. පැය 24 පුරා අඛණ්ඩව තොරතුරු පළ කිරීමේ පද්ධතියක් සතු එම සේවය බහුතර විදේශීය චීන මාධ්‍ය ආවරණය වන පරිදි පරිශීලක ජාලයක් පිහිටුවා ඇත.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම