ආසියා හා යුරෝපා රටවල් සමග විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට චීනයේ කැමැත්ත
2022-09-23 19:54:49
Share with:

ආසියා හා යුරෝපා රටවල් සමග විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට චීනය කැමැත්ත පළ කරයි.

අද (23) බෙයිජිං හි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන් බින් මහතා 7වැනි චීන-යුරේසියා ප්‍රදර්ශනය පිළිබඳ සඳහන් කරමින් කියා සිටියේ එම ප්‍රදර්ශනය හරහා ආසියා හා යුරෝපා රටවල් සමග විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා ඉදිරියට ගෙන යාමට චීනය කැමති වන බවයි. පොදු සංවර්ධනය හා සමෘද්ධිය එහි අරමුණ බව ඔහු එහිදී අවධාරණය කළේ ය.

7වැනි චීන-යුරේසියා ප්‍රදර්ශනය පසුගිය 19වැනිදා සිට 22වැනි දා දක්වා චීනයේ ෂින් ජ්‍යං හිදී පැවැත්විණ. මෙවර ප්‍රදර්ශනයේදී ව්‍යාපෘති 365ක් වෙනුවෙන් අත්සන් තැබිණ. එහි සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන135.4කි. එය චීන-යුරේසියා ප්‍රදර්ශන ඉතිහාසයේ මේ දක්වා වාර්තා වූ ඉහළ ම අගයයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම