ඊනියා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ Xinjiang සම්බන්ධ මානව හිමිකම් ඇගයීම් වාර්තාව සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ වලංගු භාවයක් නැති වාර්තාවක් බව චීනය කියයි
2022-09-23 19:23:45
Share with:

ඊනියා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ Xinjiang සම්බන්ධ මානව හිමිකම් ඇගයීම් වාර්තාව, සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ වලංගු නොවන බව, චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා ඊයේ(22) මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කරමින් පැවසුවේ, මෙම වාර්තාව ඇමරිකාව සහ ඇතැම් බටහිර බලවේග විසින් සැලසුම් කර නිෂ්පාදනය කරන ලද්දක් වන අතර, එහි විශාල ප්‍රමාණ සාවද්‍ය තොරතුරු ඇති බවයි.

එය Xinjiang  යොදා ගනිමින් චීනයට බධා කිරීමේ ඇමරිකානු සහ බටහිරඋපාය මාර්ගයට සේවය කිරීමේ දේශපාලන මෙවලමකි. 

මෑත වසරවල, මුස්ලිම් රටවල් ඇතුළු 100කට ආසන්න රටවල්, මානව හිමිකම් කවුන්සිලය වැනි විවිධ අවස්ථාවල දී ප්‍රසිද්ධියේ හඬ නගමින්, ඊනියා Xinjiang සම්බන්ධ ප්‍රශ්න මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට එරෙහිව විරෝධය පළ කළේ ය.

එය ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රධාන ධාරාවේ හඬ බව Zhao Lijian මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම