ඵලදායී මානව හිමිකම් භුක්ති විඳීම සහතික කිරීම සඳහා ගෝලීය සංවර්ධන මුලපිරුම ශක්තිමත්ව ඉදිරියට ගෙන යන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලයි
2022-09-22 11:13:01
Share with:

නීත්‍යනුකූලව පුළුල්, පූර්ණ, සැබෑ, නිශ්චිත සහ ඵලදායී මානව හිමිකම් භුක්ති විඳීම සහතික කිරීම සඳහා ගෝලීය සංවර්ධන මුලපිරුම ශක්තිමත්ව ඉදිරියට ගෙන යන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලයි. ජිනීවා හි එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත, තානාපති Chen Xu මහතා ඊයේ (21) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේ මානව හිමිකම් ගැටළු පිළිබඳ  විවාදයක දී දේශනයක් කරමින් මේ බව පැවසීය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් යෝජනා කරන ලද ගෝලීය සංවර්ධන මුලපිරුම ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා චීනයේ  දායකත්වය ලබාදෙන තවත් පොදු නිෂ්පාදනයක් බව Chen Xu මහතා අවධාරණය කළේය. ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රජාව ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇති අතර රටවල් 100 කට වැඩි ප්‍රමාණයක් ඊට සහයෝගය දක්වා ඇත. 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේදී සංවර්ධනය ප්‍රමුඛතාවයක් බවට පත් කිරීමට, මෙම මුලපිරුම ස්ථිරව ඉදිරියට ගෙන යාමට සහ ගෝලීය සහයෝගීතාව පුනර්ජීවනය කිරීමට චීනය විවිධ රටවල් සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටී.

මීට අමතරව, ජනතාව කේන්ද්‍ර කරගෙන ආර්ථික, සාමාජීය සහ සංස්කෘතික අයිතීන් ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම සහ අසමානතාව තුරන් කිරීම සඳහා ආයෝජන වැඩි කරන ලෙස Chen Xu මහතා රටවල් 30 කට වැඩි ප්‍රමාණයක් වෙනුවෙන් ඒකාබද්ධ දේශනයක් පවත්වමින් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය. ජාත්‍යන්තර නීතියේ කිසිදු පදනමක් නැති ඒකපාර්ශ්වික සම්බාධකවලට විරුද්ධ වන බව ද ඔහු කීය.

එසේම, තමන්ගේ සංවර්ධන මාවත තෝරා ගැනීමට රටවලට ඇති අයිතිය සහතික කරන ලෙසත්, වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම්වලට විරුද්ධ වන ලෙසත්, සංවර්ධනයට ඇති අයිතිය දේශපාලනීකරණයට හා කොන් කිරීමට විරුද්ධ වන ලෙසත් එම ඒකාබද්ධ දේශනය මානව හිමිකම් කවුන්සිලයෙන් සහ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම