චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගෙන් වැදගත් ආරක්ෂක උපදෙස්
2022-09-22 11:05:00
Share with:

චීනයේ ආරක්ෂක හා හමුදා ප්‍රතිසංස්කරණ සම්මන්ත්‍රණයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වැදගත් උපදෙස් ලබා දෙයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනය පැවැත්වීමෙන් පසු, පක්ෂ මධ්‍යම කාරක සභාව සහ මධ්‍යම හමුදා කොමිසම පෙර නොවූ විරූ අධිෂ්ඨානය හා ශක්තිය භාවිත කර පුළුල් ලෙස හමුදා ප්‍රතිසංස්කරණ උපායමාර්ග ක්‍රියාත්මක කළ බව ෂී ජින් පිං මහතා ඊයේ (21) පැවති එම සම්මන්ත්‍රණයේදී පැවසීය. ආයතනික බාධා, ව්‍යුහාත්මක ගැටුම්, ප්‍රතිපත්තිමය ගැටළු විසඳීමටත්, ප්‍රතිසංස්කරණයේ ජයග්‍රහණ ප්‍රවර්ධනය කිරීමටත් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ මධ්‍යම හමුදා කොමිසම කැපවී සිටී. ප්‍රතිසංස්කරණයේ අත්දැකීම් භාවිත කරමින් නව තත්ත්වය අවබෝධ කර හමුදා ශක්තිය, නවෝත්පාදනය සහ ප්‍රතිසංස්කරණය කෙරෙහි අවධානය යොමු කරන අතර ප්‍රතිසංස්කරණයෙන් හමුදාව බලවත් කිරීම වෙනුවෙන් නව අනාගතයක් නිර්මාණය කළ යුතු බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.


ගුවන් විදුලිය
20230402ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම