සුළු ජාතීන් ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇමරිකාව හා බ්‍රිතාන්‍යය විසින් නගන අසාධාරණ චෝදනාවලට චීනයෙන් පිළිතුරු
2022-09-22 15:27:25
Share with:

සුළු ජාතීන් ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇමරිකාව හා බ්‍රිතාන්‍යය විසින් නගන අසාධාරණ චෝදනාවලට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිතයා ප්‍රතිචාර දක්වයි.

වාර්ගික,ආගමික සහ භාෂාමය වශයෙන් සුළුතර ජාතීන්ට අයත් පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශය සම්මත කර ගැනීමේ 30 වැනි සංවත්සරය සැමරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඉහළ මට්ටමේ රැස්වීම ඊයේ(21) පැවැත්විණ.

ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය යනාදී සුළුතර රටවල හා යුරෝපා සංගමයේ නියෝජිතයින් චීනයට එරෙහි නගන අසාධාරණ චෝදනාවලට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Zhang Jun මහතා එහිදී ප්‍රතිචාර දැක්වීය.

ෂින්ජියං හි හන්, උයිගුර් සහ කසාක් ඇතුළු ජාතීන් 56ක ජනතාව වාසය කරති.

සියළු ජාතීන්‍ට අයත් ජනතාවගේ ඒකාබද්ධව උත්සාහ දැරීමෙන් චීනයේ ෂින්ජියං උයිගුර් ස්වායත්තයේ ආර්ථික සංවර්ධනය, සමාජ සංහිඳියාව හා ස්ථාවරත්වය, ජනතාවගේ ජීවනෝපාය අඛණ්ඩව වැඩිදියුණු කිරීම, පෙර නොවූ විරූ සංස්කෘතික සමෘද්ධිය සහ ආගමික සංහිඳියාව පවත්වා ගෙන යාම යනාදී සැබෑ තත්වය දැකිය හැකි බව Zhang Jun මහතා පෙන්වා දුන්නේය. ඇමරිකාව හා බ්‍රිතාන්‍යය යනාදී රටවල් කිහිපයක් සහ යුරෝපා සංගමයේ නියෝජිතයින් සත්‍ය නොසලකා හරිමින් චීනයට එරෙහිව අසාධාරණ චෝදනා එල්ල කිරීම කනගාටුවට කරුණකි. චීනය ඊට ස්ථීර ලෙස විරුද්ධවන අතර එය  දැඩිව ප්‍රතික්ෂේප කරන බව ද හෙතෙම කියා සිටියේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම