ගෝලීය සංවර්ධන මුලපිරුමේ මිතුරු සමූහයේ අමාත්‍ය මට්ටමේ රැස්වීම චීන විදේශ අමාත්‍යවරයා ගේ ප්‍රධානත්වයෙන්
2022-09-22 17:22:47
Share with:

ගෝලීය සංවර්ධන මුලපිරුමේ මිතුරු සමූහයේ අමාත්‍ය මට්ටමේ රැස්වීම චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ අමාත්‍ය වන්ග් යී මහතා ගේ ප්‍රධානත්වයෙන් නිව්යෝර්ක් නගරයේ දී පැවැත්වේ.එක්සත් ජාතීන‍් ගේ මහ ලේකමවරයා වීඩියෝ ආකාරයෙන් එම රැස්වීම ඇමතූ අතර 40කට ආසන්න විදේශ ඇමතිවරු සහ ජාත්‍යන්තර නියෝජිතායතන ප්‍රධානීහූ ඊට එක්වූහ.චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් ගෝලීය සංවර්ධන මුලපිරුම යෝජනා කිරීමේ සිට රටවල් 100කට අධික සංඛ්‍යාවක් හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බොහෝ ජාත්‍යන්තර සංවිධාන ඊට සිය සහාය පළ කළ බව චීන විදේශ ඇමතිවරයා එහිදී පැවසීය. රටවල් 60කට අධික සංඛ්‍යවක් ගෝලීය සංවර්ධන මුලපිරුමේ මිතුරු සමූහයට එක්ව තිබේ. මෙම කණ්ඩායම සහයෝගීතාවය, සම්බන්ධීකරණය සහ පොදු සංවර්ධනය සඳහා වැදගත් බලවේගයක් බවට පත්ව ඇති අතර, තිරසර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම පිළිබඳ පොදු උපදේශන සඳහා ඵලදායී වේදිකාවක් බවට එය පත්ව ඇති බවද හෙතෙම පැවසීය.

පසුගිය ජූනි මාසයේදී, චීන  ජනාධිපතිවරයා  ගෝලීය සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේ මුලසුන දරමින් ගෝලීය සංවර්ධන මුලපිරුම ක්‍රියාවට නැංවීම සඳහා චීනය විසින් ගෙන ඇති වැදගත් ක්‍රියාමාර්ග 32 ක් ප්‍රකාශයට පත් කරන ලදි.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම