ගොවි ජනතාවත් කෘෂිකර්මයත් පිළිබඳ නිරතුරුව සැලකිලිමත් වන චීන ජනපති
2022-09-22 20:02:50
Share with:

                 

                 හෙට (23) චීනයේ 5වැනි ගොවීන්ගේ අස්වනු උත්සවයයි. එම උත්සවය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සියලු ගොවීන් හා කෘෂිකර්ම ක‍්ෂේත්‍රයේ සේවකයන්ට සිය සුබපැතුම් පිරිනමා ඇත. කෘෂිකර්මය, ගොවීන් හා ගම්මාන , චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නායකත්වයෙන් යුත් චීන කොමියුනිස්ට් පක්ෂයේ දැඩි අවධානය යොමු වන කරුණු අතරින් ප්‍රධාන වේ. ගොවීන්ගේ අස්වනු උත්සව දිනයක් විශේෂයෙන් නම් කර ඇත්තේ එබැවිනි.

                  2018 වසරේ සැප්තැම්බර් මාසයේ පළමු ගොවි අස්වනු උත්සවය පැවැත්වීමෙන් පසු ෂී ජින් පිං ජනාධිපතිවරයා චීනයේ විශාලම වෙළඳ ධාන්‍ය නිෂ්පාදන කඳවුර වන Hei Long jiang පළාතට ගොස් එහි කෘෂිකාර්මික කටයුතු පිළිබඳව සොයා බැලීය. ආහාර සුරක්ෂිතතාව ජාතික පැවැත්මට අතිශයින් වැදගත් බව හෙතෙම බොහෝ අවස්ථාවලදී අවධාරණය කර තිබේ. ඒ සඳහා චීනය සතුව ඇති අක්කර බිලියන 1.8ක පමණ වගාබිම් ආරක්ෂා කළ යුතු බව හෙතෙම පෙන්වා දෙයි. බෝග වගාව විශේෂයෙන් ධාන්‍ය නිෂ්පාදනය සඳහා වගාබිම් භාවිත කළ යුතු ය. මේ අනුව චීනය වගාබිම් ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්ති දැඩි ලෙස අනුගමනය කරමින් සිටී. ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමේදී ගොවීන්ගේ සේවය ඉතා වැදගත් කොට සැලකේ. විවිධ නිරීක්ෂණ චාරිකාවලදී ගොවීන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන‍්ගේ සුව දුක් සොයා බැලීම ෂි ජී පිං ජනාධිපතිවරයාගේ අනිවාර්ය පුරුද්දකි. ධාන්‍ය නිෂ්පාදනය පිළිබඳ ගොවීන්ගේ උනන්දුව උපදවමින් ඒ තුළින් ඔවුන්ට වැඩි ලාභ සලසා දිය යුතු බව හෙතෙම කියා සිටී.

                මේ වන විට චීන කෘෂිකර්මය ග්‍රාමීය ප්‍රදේශවල අංග සම්පූර්ණ පුනර්ජීවනය සඳහා යොමු වී ඇත. මෙම උපාය මාර්ගික විපර්යාසය මගින් චීනයේ කෘෂිකාර්මික නවීකරණය හා ග්‍රාමීය නවීකරණය සාක්ෂාත් කිරීමට ප්‍රබල රුකුලක් සැලසේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම