ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට පැමිණීමට පෙර අදාළ ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බව ජනාධිපතිවරයා කථානායකවරයාට දැනුම් දෙයි
2022-09-22 17:36:18
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට පැමිණීමට පෙර අදාළ ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බව ජනාධිපතිවරයා තමාට දැනුම්දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කරයි.

දැනට එළඹී ඇත්තේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකි. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමත කළ යුතු බවත් ඊට පෙර ණයහි මියන් සමග සාකච්ඡා කර එම වාර්තාවද ඊට ඇතුළු කළ යුතු බව ජනාධිපතිවරයා විසින් කථානායකවරයාට දන්වා තිබේ.  

සියලුම තොරතුරු ලැබුණු පසු කැබිනට් මණ්ඩලය දැනුවත් කෙරේ. එසේම විරුද්ධ පක්ෂය සහ ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඕනෑම පාර්ශ්වයකට එම දැනුවත් කිරීමට සහභාගී විය හැකි බව ජනාධිපතිවරයා විසින් තමන්ට දැනුම් දුන් බවද මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම