චීනයේ Yunhai 1 චන්ද්‍රිකා සමූහයට අයත් 3වැනි චන්ද්‍රිකාව සාර්ථක ව කක්ෂගත කෙරේ
2022-09-21 10:00:13
Share with:

චීනය Yunhai 1 චන්ද්‍රිකා සමූහයට අයත් 3වැනි චන්ද්‍රිකාව සාර්ථක ව කක්ෂගත කරයි.

මෙම චන්ද්‍රිකාව, වායුගෝලීය සහ සාගර පාරිසරික මූලද්‍රව්‍ය හඳුනා ගැනීම, අවකාශ පරිසර හඳුනාගැනීම, විපත් වැළැක්වීම හා අවම කිරීම මෙන්ම විද්‍යාත්මක අත්හදා බැලීම් ඇතුළු මෙහෙයුම් වලට යොදා ගන්නා චන්ද්‍රිකාවකි.

Jiuquan චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ අද(21) 7:15ට Long March 2D  ප්‍රවාහක රොකට්ටුවෙන් Yunhai 1කේ 3වැනි චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කෙරිණ. Long March ප්‍රවාහක රොකට්ටු මාලාවේ 438වැනි මෙහෙයුම මෙයයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම