"සමාජවාදී ආධ්‍යාත්මික ශිෂ්ටාචාරය ගොඩනැගීම පිළිබඳ ෂී ජින් පිං ගේ කථා සාරාංශය" නමැති නව ග්‍රන්ථයක් එළි දැක්වේ
2022-09-21 10:08:29
Share with:

"සමාජවාදී ආධ්‍යාත්මික ශිෂ්ටාචාරය ගොඩනැගීම පිළිබඳ ෂී ජින් පිං ගේ කථා සාරාංශය" නමැති ග්‍රන්ථය ප්‍රකාශයට පත් කෙරේ.

මෙම ග්‍රන්ථය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඉතිහාස සහ සාහිත්‍ය පර්යේෂණ ආයතනය විසින් සංස්කරණය කරන ලද අතර එය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාහිත්‍ය ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශයට පත් කර රට පුරා බෙදා හරිනු ලබයි.

සමාජවාදී ආධ්‍යාත්මික ශිෂ්ටාචාරය ගොඩනැගීම පිළිබඳ ෂී ජින් පිං මහතාගේ කථා  සාරාංශය පරමාදර්ශී සහ විශ්වසනීය අධ්‍යාපනය ශක්තිමත් කර සමාජවාදී මූලික සාරධර්ම වගා කිරීම සහ පුහුණු කිරීම සඳහා ඉතා වැදගත් මාර්ගෝපදේශකයකි. එමෙන්ම, එය සමස්ත සමාජයේ ශිෂ්ටාචාර මට්ටම වැඩිදියුණු කර ජනතාවගේ ආධ්‍යාත්මික ජීවිතයේ පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කරන අතර, නව ගමනක ඇරඹුම සහ නව යුගයකට දායක වීමට ශක්තිමත් චින්තනික සහතිකයක් සහ ආධ්‍යාත්මික බලයක් ලබා දෙයි.

මෙම කථා සාරාංශය 2012 වසරේ නොවැම්බර් 17 වැනිදා සිට 2022 වසරේ ජූනි 8 වැනිදා දක්වා ෂී ජින් පිං මහතාගේ වාර්තා, කථා, පැහැදිලි කිරීම්, දේශන, සංවාද, සුබපැතුම් ලිපි සහ උපදෙස් ඇතුළු වැදගත් ලේඛන 240කින්  සමන්විතයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම