2022 වසරේ ජාත්‍යන්තර සාම දින සැමරුමට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-09-21 19:15:16
Share with:

           

            චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 2022 වසරේ ජාත්‍යන්තර සාම දින සැමරුම වෙනුවෙන් සුබපැතුම් ලිපියක් යොමු කරයි.

            අද (21) චීනයේ බෙයිජිං අගනුවරදී එම සැමරුම පැවැත්විණ. තමන් ගෝලීය ආරක්ෂක වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇත්තේ වත්මන් ජාත්‍යන්තර තත්ත්වය වඩාත් අවිනිශ්චිත වෙමින් පවතින පසුබිම යටතේ යැයි ෂී ජින් පිං මහතා එම සැමරුම වෙනුවෙන් සුබ පැතුම් ලිපියක් යොමු කරමින් කියා සිටියේ ය. එම ගෝලීය ආරක්ෂක වැඩපිළිවෙළට අනුව, විවිධ රටවල් සහ‍යෝගිතාව පදනම් වන තිරසර ආරක්ෂක සංකල්පයක් ඔස්සේ එකිනෙකාගේ ස්වාධිපත්‍යය හා  භෞමික අඛණ්ඩතාවට ගරු කළ යුතු ය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා මූලධර්මයන්ට අනුකූල ව සාකච්ඡා මාර්ගයෙන් පවතින මතභේද හා ගැටුම් නිරාකරණය කරමින් සාමකාමී සංවර්ධන මාවතේ ගමන් කරමින් පොදු ඉරණමක් සහිත ජගත් ප්‍රජාවක් ගොඩ නැගීම, සියලු රටවල වගකීමක් බව චීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ජාත්‍යන්තර සාම දිනය නිමිති කරගෙන බෙයිජිං නුවර සැමරුම් උත්සවයක් පැවැත්වීම මගින් ලෝක සාමය හා ස්ථාවරත්වයේ වැදගත්කම යළි ඉස්මතු වනු ඇතැයි බලාපොරොත්තු වන බව චීන ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම