ඇමරිකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් චීනය දැඩිව හෙළා දකී
2022-09-21 11:35:25
Share with:

ඇමරිකාවේ දීර්ඝ කාලීනව පවතින අයුතු ලෙස පුද්ගලයන් රඳවා තබා ගැනීමේ  ප්‍රශ්නය චීනය දැඩි ලෙස හෙළා දකී.

ඒ, පසුගිය 19 වනදා පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51වන සමු‍ළුවේ තේමා රැස්වීමකදීය.

2021 වසරේ දී ඇමරිකාව සංක්‍රමණිකයන් මිලියන 1.7 කට වැඩි පිරිසක් රඳවාගෙන ඇති අතර ඒ අතරින් ළමුයි 45,000 ක් ඇතුළුව සියයට 80 ක පිරිස පෞද්ගලික රැඳවුම් ආයතන වල සිටින බව එහිදී චීන නියෝජිතයා පැවසීය. රැඳවියන්ගේ කායික හා මානසික සෞඛ්‍යයට විශාල වශයෙන් හානි සිදුවී ඇති අතර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නිරන්තරයෙන් සිදුව ඇත. සරණාගතයින් අයුතු ලෙස රඳවා තැබීම ඇතුළු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නතර කරන ලෙසත්, වින්දිතයින්ට සහන සහ වන්දි ලබා දෙන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

ඊට අමතරව, ඇමරිකානු රජය, වංචා කිරීම, බලහත්කාරය යනාදිය හරහා විෂ හෝ න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කිරීමේ භූමියක් ලෙස රතු ඉන්දියානුවන්ගේ භූමියත් භාවිත කිරීම සම්බන්ධයෙන්, 20 වැනි දින පැවති තේමා රැස්වීමකදී චීන නියෝජිතයා කනස්සල්ල පළ කර ඇත. අදාළ නිවාස ප්‍රජාවන්හි පිළිකා ඇතිවීම සහ මරණ අනුපාතය ඇමරිකාවේ සෙසු ප්‍රදේශවලට සාපේක්ෂව කැපීපෙනෙන ලෙස  ඉහළ  බව ද ඔහු පවසා ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම