19වැනි චීන ආසියන් ප්‍රදර්ශනය මෙන් ම චීන-ආසියන් ව්‍යාපාරික හා ආයෝජන සමුළුව ඉකුත් 19වැනි දා චීනයේ Guangxi Zhuang ස්වායත්තයේ දී නිමාවට පත්විය. දින 4ක් තුළ, රටවල් 40කින් පැමිණි ව්‍යවසායයන් 1653ක් මාර්ගගත නොවන අයුරෙන් ප්‍රදර්ශනයට එක්ව සිටියහ. ව්‍යවසායයන් 2000කට අධික සංඛ්‍යාවක් ද මාර්ගගත අයුරෙන් ඊට සහභාගී විය. එහදී සහයෝගිතා ව්‍යාපෘති 267ක් අත්සන් කර තිබේ. එහි සමස්ත ආයෝජන වටිනාකම චීන යුවාන් බිලියන 413ක් වන අතර මෙය නව ඉහළ මට්ටමකි. මෙවැනි දත්ත මගින් මෙවර ආසියන් ප්‍රදර්ශනයේ පුළුල් ප්‍රගතියක් පිළිබිඹු කෙරේ.
වර්තමානයේ, ලෝක ආර්ථික පුනරුත්ථාපනය දුර්වල මට්ටමක පවතින අතර, පැහැදිලි අනාගතයක් පිළිබඳ අවිනිශ්චිතතාවක් ද පවතී. මෙම තත්ත්වය හමුවේ, චීන ආසියන් ප්‍රදර්ශනය පැවැත්වීම අර්ථවත් ය. එහිදී චීනය විසින් නිපදවන බුද්ධිමය තොරතුරුකරණ උපකරණ, පරිසර හිතකාමී ගෘහ විදුලි උපකරණ, ආලෝකකරණ තාක්ෂණ නිපැයුම් ආසියන් සංගමයට අයත් රටවල ගැනුම්කරුවන්ගේ ආකර්ෂණයට ලක් ව ඇත. එවැනි රටවල ආහාර, පාන, නිවර්තන පළතුරු, ගෘහ නිපැයුම් කෙරෙහි චීන ගැනුම්කරුවන් ඉහළ අවධානයක් දක්වා ඇත. සුළුතර ප්‍රධාන ආර්ථිකයන් ‘ ආර්ථික සීමා පනවද්දී ’ චීන ආසියන් ප්‍රදර්ශනය විවෘතභාවයෙන් යුතුව නව කොරොනා වසංගතයෙන් පසු කාලය සඳහා තිරසර පුනර්ජීවනය ඉදිරියට මෙහෙයවීමට මෙන් ම විවෘත කලාපීය ආර්ථිකය ගොඩනැංවීමට නව අවස්ථා සලසා තිබීම විශේෂයෙන් ම සඳහන් කළ යුතු කරුණකි.