17 වන චීන රුසියානු උපායමාර්ගික ආරක්ෂක සාකච්ඡාවේ දී එකඟතා රැසක්
2022-09-20 09:44:05
Share with:

17 වන චීන රුසියානු උපායමාර්ගික ආරක්ෂක සාකච්ඡාව පැවැත්වේ.

   චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, මධ්‍යම විදේශ කටයුතු පිළිබඳ කාරක කමිටු කාර්යාල අධ්‍යක්ෂ යං ජ්‍ය ච මහතා සහ රුසියානු පෙඩරල් ආරක්ෂක කවුන්සිලයේ ලේකම්  Nikolai Patrushev‍ මහතා චීනයේ ෆූජියන් පළාතේ ඊයේ(19) පැවති එම සාකච්ඡාවේ සම මුලසුන දැරූහ.

 උපායමාර්ගික ආරක්ෂක සාකච්ඡා ක්‍රමවේදය මනා ලෙස යොදා ගනිමින් ෂැන්හයි සහයෝගතා‍ සංවිධානයේ Samarkand සමුළුවේදී දෙරටේ නායක දෙපළ පැමිණි එකඟතාවන් ක්‍රියාවට නැංවීමට එහිදී දෙපාර්ශ්වය එකඟ වූහ. අන්‍යෝන්‍ය විශ්වාසය ප්‍රවර්ධනය කරමින් සිය රටේ තත්ත්වයට ගැලපෙන සංවර්ධන මාර්ගය අනුගමනය කරමින් එකිනෙකාට සහාය වීමටත්, ගෝලීය උපායමාර්ගික ස්ථාවරත්වය පොදුවේ සහතික කරමින් අංගසම්පූර්ණ උපායමාර්ගික සම්බන්ධීකරණ හවුල්කාරීත්වයේ අන්තර්ගතය අඛණ්ඩව පෝෂණය කිරීමට තැත් කිරීමටත් දෙපාර්ශ්වය පොදුවේ තීරණය කළහ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම