චීනයේ වර්ධනය හා ඇමරිකාව කෙරෙහි ප්‍රතිපත්තියේ ස්ථාවරය චීන විදේශ ඇමතිවරයා පැහැදිලි කරයි
2022-09-20 19:50:04
Share with:

චීනයේ වර්ධනය හා ඇමරිකාව කෙරෙහි ප්‍රතිපත්තියේ ස්ථාවරය චීන විදේශ ඇමතිවරයා විස්තර කරයි.

චීන රාජ්‍ය මණ්ඩලයේ සාමාජික විදේශ ඇමති වං යී මහතා ඊයේ(19) නිව්යෝක්හිදී ඇමරිකා චීන සබඳතාව පිළිබඳ ජාතික කමිටු‍වේ, ඇමරිකා චීන වෙළඳාම පිළිබඳ ජාතික කමිටුවේ හා ඇමරිකා වාණිජ මණ්ඩල නියෝජිතයන් හමු වෙමින් අදහස් හුවමාරු කර ගත්තේ ය. ඇමරිකාව කෙරෙහි චීනයේ ප්‍රතිපත්තිය නිශ්චිතය. දෙරටේ ආර්ථික හා වෙළඳ සහයෝගිතා චීනය අඛණ්ඩව ශක්තිමත් කිරීමේ ආකල්පය ද පැහැදිලි අතර ඇමරිකාව සමග බහුපාර්ශ්වික සම්බන්ධීකරණ පැවැත්වීමේ  චීනයේ කැමැත්ත නිශ්චිත බවත් වං යී මහතා එහිදී පැවසීය. චීන ඇමරිකා සබඳතාවේ දේශපාලනික පදනම ආරක්ෂා කළ යුතු අතර විශේෂයෙන් ම ප්‍රායෝගිකව එකම චීනය මූලධර්මය කෙරෙහි තදින්ම අනුගතව සිටිය යුතු බව හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම