‘ ඇමරිකාවේ නපුරු සිහිනය ’ දක්වා පරිවර්තනය වී ඇති ලතින්-ඇමරිකානු සංක්‍රමණිකයින් ගේ ‘ ඇමරිකා සිහිනය ’
2022-09-20 10:01:10
Share with:

 ‘ අපට සියල්ල ම අහිමියි ’ යනුවෙන් මෙක්සිකෝවේ මවක් පැවසුවා ය. මේ වන විටත්, ඇය මානසික වේදනාවන පසුවෙයි. ඇගේ පුත්‍රයාට ඉකුත් ජූනි මාසයේ ඇමරිකාවේ Texas ජනපදයේ San Antonio නගරයේ සිදුවූ  නීති වි‍රෝධී සංක්‍රමණ ඛේදවාචකයක ජීවිතය අහිමි විය.

ඇමරිකා රේගු හා දේශසීමා මායිම් ආරක්ෂාවේ නිලධාරියෙකු පවසා ඇත්තේ 2021 වසරේ ‍ඔක්තෝබර් 1වැනි දා සිට මේ දක්වා, සංක්‍රමණිකයන් 782දෙනෙකු ඇමරිකාව හා මෙක්සිකෝව අතර පවතින දේශසීමා මායිම් ප්‍රදේශයෙන් පැන යන අවස්ථා වලදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මිය ගිය සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ මට්ටමකට ළඟාවීමකි. මෙම වසරේ මුල් කාලයේ, ජාත්‍යන්තර සංක්‍රමණිකයින් පිළිබඳ සංවිධානය, ඇමරිකාව හා මෙක්සිකෝව අතර දේශසීමා මායිම් ප්‍රදේශය ලෝකයේ මාරාන්තික ගොඩබිම් සංක්‍රමණිකයන්ගේ ප්‍රදේශ වලට ඇතුළත් කර තිබේ.

සංක්‍රමණිකයින්ගේ ඛේදවාචක, ඇමරිකාවේ අවුල් සහගත ආගමන ප්‍රතිපත්ති හා ඍජු සම්බන්ධතාවක් පවතින බවට විශ්වාස කෙරේ. ට්‍රම්ප් රජය දැඩි ආගමන ප්‍රතිපත්ති යොදා ඇමරිකාව හා මෙක්සිකෝව අතර දේශසීමා මායිම් ප්‍රදේශ වල ආරක්ෂක බැමි පුළුල් කර තිබේ. පූර්ණ අයුරෙන් ආගමන පතන ප්‍රතිසංස්කරණය කරන බවට වත්මන් ජොන් බයිඩන් ජනාධිපතිවරයා සිය ධුරය භාර ගත් මුල් කාලයේ පොරොන්දුවක් දී තිබුණ ද මේ දක්වා එහි ප්‍රායෝගික ප්‍රතිඵලයක් දක්නට නොමැත. මීට අමතරව, සංක්‍රමණිකයින්ගේ ගැටළු ඇමරිකාවේ පක්ෂ 2කට දේශපාලන කටයුතු වල නිරත වීමට උපකරණයක් බවට පත් ව ඇත.

ඇමරිකානු රජය සංක්‍රමණිකයින්ට එරෙහිව සිදුකර ඇති හිංසා පිළිබඳ බොහෝ කරුණු මෑත වසර වල මාධ්‍යයන් විසින් වාර්තා කරනු ලැබ ඇත. ලතින්-ඇමරිකානු සංක්‍රමණිකයින් ගේ ‘ ඇමරිකා සිහිනය ’ ‘ ඇමරිකාවේ නපුරු සිහිනය ’ දක්වා පරිවර්තනය වී ඇති බවක් දැකිය හැකිය. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම