චීනය විවෘතභාවය තවදුරටත් පුළුල් කරනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශය පවසයි
2022-09-20 19:48:33
Share with:

චීනයේ විවෘත භාවය තවදුරටත් පුළුල් වනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(20) පැවති මාධ්‍ය හමුවකදී පැවසු‍වේ චීනය විවෘත භාවය අනුගමනය කිරීම නතර නොවන අතර විවෘත භාවය තවදුරටත් පුළුල් වනු ඇති බවයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික ‍නියෝජිත සම්මේලනයෙන් පසු චීන ආර්ථික හා සමාජ වර්ධන ප්‍රතිඵල පිළිබඳ වාර්තා මාලාවක් චීන ජාතික ‍සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව මෑතකදී පළ කළේය. එම වාර්තාවන්ට අනුව 2013 වසරේ සිට 2021 වසර දක්වා චීන වාර්ෂික සාමාන්‍ය දළ දේශීය නිෂ්පාදන වර්ධන අනුපාතය සියයට 6.6කි. එය එම කාලයේ සියයට 2.6ක ලෝක ආර්ථික වර්ධන අනුපාතය හා සියයට 3.7ක සංවර්ධනය වෙමින් පවතින රටවල වර්ධන අනුපාතයට වඩා ඉහළ අගයකි. ගෙවී ගිය වසර 9 තුළ ලෝක ආර්ථික වර්ධනයෙන් සියයට 30කට වැඩි කොටසකට චීනය දායකවී තිබේ. එය දායකත්ව අනුපාතයෙන් ලොව ප්‍රථම ස්ථානය ගැනීමකි. ලෝක ආර්ථීක වර්ධනය ප්‍රවර්ධනය කිරීමේ ස්ථායීකාරකය සහ බලශක්ති ප්‍රභවය බවට  චීනය පත්වීම ඉන් පිළිබිඹු වන බව Wang Wenbin මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම