චීන-ආසියන් සංගම් ප්‍රදර්ශනය පාශ්චාත් වසංගත සමයේ පුනරුත්ථාපනයට නව ගාමක බලවේගයක්
2022-09-19 19:16:40
Share with:

චීන-ආසියන් සංගම් ප්‍රදර්ශනයෙන් පාශ්චාත් වසංගත සමයේ පුනරුත්ථාපනයට නව ගාමක බලයක් හා අවස්ථා සැපයෙන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

19 වැනි චීන-ආසියන් සංගම ප්‍රදර්ශනය හා චීන-ආසියන් වාණිජ හා ආයෝජන සමුළුව මේ දිනවල Nanning නගරයේ දී පැවැත්වේ. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(19) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ මෙම වසර චීන ආසියන් සංගම් පූර්ණ උපාය මාර්ගික හවුල්කාරී සබඳතාව ගොඩනැගීමේ ප්‍රථම වසර බවයි. සමාගම් 1653ක් මෙවර ප්‍රදර්ශනයට සහභාගී වී ඇත. ප්‍රදර්ශ‍නයේ දී අත්සන් තැබූ ව්‍යාපෘති වල සමස්ත ආයෝජන සංඛ්‍යාව ඉහළ ම අගය වාර්තා වී තිබේ. චීන ආසියන් සංගම සහයෝගිතාව, ප්‍රාදේශීය ආර්ථික ඒකීකරණය ප්‍රවර්ධනය කිරීමේ වැදගත් වේදිකාව ලෙස චීන-ආසියන් සංගම් ප්‍රදර්ශනය මගින් පාශ්චාත් වසංගත සමයේ තිරසර පුනරුත්ථාපනයට නව අවස්ථා සැපයෙනු ඇති බව Mao Ning මහත්මිය අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම