මෑත වසර 9 ක් තුළ චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය වර්ධනය 6.6% ක්
2022-09-19 09:59:16
Share with:

චීන දළ දේශීය නිෂ්පාදිතයේ අඛණ්ඩව මෑත වසර 9 ක් තුළ සාමාන්‍ය වාර්ෂික වර්ධනය 6.6% ක් ලෙසට වාර්තා වෙයි. චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය ඊයේ (18) නිකුත් කළ චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනය පැවැත්වීමෙන් පසු චීනයේ ආර්ථික හා සමාජ ජයග්‍රහණ පිළිබඳ වාර්තාවේ ඒ බව දැක්වේ.

2013 සිට 2021 දක්වා කාලය තුළ, චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය වර්ධනය 6.6% ක් වූ අතර එම කාලයේ ලෝකයේ සාමාන්‍ය ආර්ථික වර්ධනය 2.6% ක් විය. සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් හී සාමාන්‍ය වර්ධනය 3.7% කි‍. ලෝක ආර්ථික වර්ධනයට චීනය ලබා දුන් දායකත්වය 30% ඉක්මවා ඇති අතර එය ලෝකයේ පළමු ස්ථානයට පැමිණ ඇත.

2021 දී චීනයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිත වටිනාකම චීන යුවාන්  80976 ක් විය. මිල සාධකයන් බැහැරව සැලකීමේ දී එය 2012 වසර‍ට සාපේක්ෂව 69.7% කින් වැඩි වී ඇති බව ද එම වාර්තාව පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම