7වැනි චීන-යුරේසියා ප්‍රදර්ශනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-09-19 19:06:05
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 7වැනි චීන-යුරේසියා ප්‍රදර්ශනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් යොමු කරයි.

අද(19) ආරම්භ වූ එම ප්‍රදර්ශනය වෙනුවෙන් හෙතෙම එම සුබපැතුම් පණිවිඩය යොමු කර තිබේ. ආසියා-යුරෝපා මහාද්වීපය සංවර්ධන විභවයෙන් පිරි කලාපයක් මෙන්ම එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ වැදගත් කාලපයක් බව ෂී ජින් පිං මහතා එම පණිවිඩයෙන් කියා සිටී. චීන- යුරේසියා ප්‍රදර්ශනය මගින් රටවල් සමග අතර සාමය, සහයෝගිතාවය, විවෘතභාවය, ඉවසිලිවන්තභාවය, අන්‍යෝන්‍ය අධ්‍යයනය හා යහපත, පොදු ජයග්‍රහණය යන ජීවගුණයන් පදනම් කරගෙන සහයෝගිතා ක්ෂේත්‍ර අඛණ්ඩ ව පුළුල් කෙරෙනු ඇත. එමගින් ආසියා-යුරෝපා කලාපීය පොදු සංවර්ධනය හා සමෘද්ධිය වඩාත් ඉදිරියට ගෙන යාමට චීනය බලාපොරොත්තු වන බව චීන ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම