චීනයේ සරත් සමයේ සරු ධාන්‍ය අස්වැන්නක්
2022-09-19 16:36:16
Share with:

චීන කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යංශයට අනුව, චීනය පුරා හෙක්ටාර මිලියන 11කට අධික සරත් සෘතුවේ ධාන්‍ය අස්වැන්නක් ලැබී ඇති අතර එය අස්වැන්නෙන් සියය‍‍ට 13.3%ක ප්‍රමාණයකි. ඉන් නිරිතදිග චීනයේ අස්වැන්නෙන් අඩකට වඩා වැඩිවන අතර, යැංසි ගඟේ මැද සහ පහළ ප්‍රදේශ සහ දකුණු චීනයේ එය 20% කි.

ධාන්‍ය අස්වැන්න ඉහළ නැංවීම සඳහා කෘෂිකාර්මික රක්ෂණය වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබේ. වර්තමානයේදී, චීනයේ කෘෂිකාර්මික රක්‍ෂණ සහනාධාර ස්වභාවික රබර් සහ ආහාර තෙල් භෝග වැනි කෘෂිකාර්මික නිෂ්පාදන 16 ක් දක්වා සහ දේශීය වාසිදායක කෘෂිකාර්මික නිෂ්පාදන 60 කට වඩා ප්‍රමාණයක් දක්වා පුළුල් කර ඇති අතර, මූලික වශයෙන් ජාතික ආර්ථිකය හා ජනතාවගේ ජීවනෝපාය සහ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදන ඉන් ආවරණය කෙරේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම