ෂැංහයි ජීවගුණය ලෝක සාමය සහ සමෘද්ධිය සඳහා ධනාත්මක ශක්තියක් ලබා දෙයි
2022-09-18 16:42:10
Share with:

පසුගිය 16වැනිදා , චීන ජනාධිපති ෂී ජින්පිං මහතා  ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල රාජ්‍ය නායක කවුන්සිලයේ 22වැනි සමුළුවේ වැදගත් දේශනයක් පවත්වමින් එම සංවිධානයේ වර්ධනය පිළිබඳව  අත්දැකීම් 5ක් සාරාංශ ගත කළේය. " ෂැංහයි ජීවගුණය" සැමවිටම ෂැංහයි සහයෝගීතා සංවිධානයේ  ජීව ගුණය බව පෙන්වා දුන් හෙතෙම, එය අනුගමනය කිරීම දිගු කලක් පුරා අවධාරනය කළ යුතු යැයි පැවසීය. ෂැංහයි සහයෝගීතා සංවිධානයේ ඉරණම පිළිබඳ සමීප ප්‍රජාවක් ගොඩනැගීමට අදාළ යෝජනා පහක් ද ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබේ. ෂී ජින් පිං මහතාගේ දේශනය පුළුල් ඇගයීමට ලක්විය.

මෙම යෝජනා පහ අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ, සමානාත්මතාවය, උපදේශනය, ශිෂ්ටාචාරවල විවිධත්වයට ගරු කිරීම සහ පොදු සංවර්ධනය හඹා යාමේ  ෂැංහයි ජීවගුණය සම්පූර්ණයෙන්ම මූර්තිමත් කරයි. එය සැබෑ බහුපාර්ශ්වවාදයයි.

ෂැංහයි සහයෝගීතා සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස, චීනය එම සංවිධානයේ ස්ථාවර හා දිගුකාලීන සංවර්ධනය සඳහා යෝජනා ඉදිරිපත් කර ක්‍රියාමාර්ග ගනිමින් සිටී. අන්‍යෝන්‍ය සහයෝගය ඉහළ නැංවීම, ආරක්‍ෂක සහයෝගීතාව පුළුල් කිරීම, ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කිරීම, ජනතාව අතර හුවමාරු ශක්තිමත් කිරීම සහ බහුපාර්ශ්විකත්වය තහවුරු කිරීම සහ සමීප ෂැංහයි සහයෝගීතා සංවිධානයේ ප්‍රජාවක් ගොඩනැගීම සඳහා සංයුක්ත ක්‍රියාමාර්ග මාලාවක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ෂී ජීන් පීං ජනාධිපතිවරයා මෙම සමුළුවේදී අවධාරණය කළේය. මෙම යෝජනා සහ ක්‍රියාවන් සාමය සහ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරවන අතර ෂැංහයි සහයෝගීතා සංවිධානය සඳහා මාර්ග සිතියමක් ද සිතියම්ගත කරයි.

වසර 21 ක සංවර්ධනයෙන් පසුව, ෂැංහයි සහයෝගීතා සංවිධානය ලෝකයේ විශාලතම සහ වඩාත්ම ජනාකීර්ණ කලාපීය සහයෝගීතා සංවිධානයක් බවට පත්ව ඇත. ෂැංහයි ජීවගුණය විසින් මෙහෙයවනු ලබන, එම සංවිධානය කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වයේ නැංගුරමක් බවට පත් වන අතර ලෝක සාමය සහ සංවර්ධනය සඳහා වැඩි දායකත්වයක් ලබා දෙනු ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම