චීන රුසියා උපායමාර්ගික ආරක්ෂක සාකච්ඡාව සහ නීතිය බලාත්මක කිරීමේ ආරක්ෂක සහයෝගීතා යාන්ත්‍රණයේ 7 වන රැස්වීම චීනයේ දී
2022-09-18 19:23:08
Share with:

චීන රුසියා 17 වටයේ උපායමාර්ගික ආරක්ෂක සාකච්ඡාව සහ නීතිය බලාත්මක කිරීමේ ආරක්ෂක සහයෝගීතා යාන්ත්‍රණයේ 7 වන රැස්වීම  චීනයේ දී පැවැත්වේ.

අද (18) සහ හෙට (19) චීනයේදී  පැවැත්වෙන 17 වටයේ චීන-රුසියා උපායමාර්ගික ආරක්ෂක සාකච්ඡාව සහ චීන-රුසියා නීතිය බලාත්මක කිරීමේ ආරක්ෂක සහයෝගීතා යාන්ත්‍රණයේ 7 වන රැස්වීම සඳහා, රුසියානු ෆෙඩරල් ආරක්ෂක කවුන්සිලයේ ලේකම් Nikolai Patrushev මහතා සහභාගි වනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(18) ප්‍රකාශ කළාය.

චීන කොමියුනිස්ට් පක්ෂ‍යේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික මෙන්ම මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ කාර්යාල අධ්‍යක්ෂ Yang Jiechi සහ චීන කොමියුනිස්ට් පක්ෂ‍යේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන හා නීති කමිටුවේ ලේකම් Guo Shengkun යන මහත්වරුන්ගේ ආරාධනාවන්ට අනුව, Nikolai Patrushev මහතා චීනයට පැමිණෙන බව ද Mao Ning මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම