ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව සිදු කරන න්‍යෂ්ටික ව්‍යාප්තිය භයානක හා විකෘති ක්‍රියාවකි
2022-09-18 16:18:58
Share with:

පසුගිය 15 වැනිදා, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ පාලක මණ්ඩලය ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව අතර න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගීතාව සඳහා විශේෂ සාකච්ඡාවක් නියම කළේ ය. ඇමරිකාව, බි‍්‍රතාන්‍යය සහ ඕස්ටේ‍්‍රලියාවට සිය යෝජනාව සම්මත  කර ගැනීමේ උත්සාහය ව්‍යර්ථ කරමින් එම කරුණ විධිමත් ගැටලුවක් ආකාරයෙන් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ සාමාජික රටවල් එකඟ වූ සිව්වන අවස්ථාව මෙයයි. 

රැස්වීමේදී, චීනය විසින් ඇමරිකාව, බි‍්‍රතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව අතර න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගීතාවයේ “ප්‍රධාන කරුණු හත” ලැයිස්තුගත කළ අතර, න්‍යෂ්ටික ව්‍යාප්තිය පිළිබඳ හා එහි භයානක ක්‍රියා සහ සාපරාධී සාක්ෂි ප්‍රසිද්ධියට පත් කළේය. මෙය ඒජන්සියේ සාමාජික රටවල පොදු ප්‍රතිරාවය බවට පත්විය.

පසුගිය වසර පුරා ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව අතර න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගීතාව ජාත්‍යන්තර ප්‍රජාව විසින් දැඩි ලෙස හෙළා දැකීමට සහ විරෝධයට ලක් විය. බොහෝ විශ්ලේෂකයින් පෙන්වා දී ඇත්තේ ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාවට සම්බන්ධ න්‍යෂ්ටික අවි ද්‍රව්‍ය මාරු කිරීම අත්‍යවශ්‍ය වන අතර එය ගෝලීය ආරක්ෂාවට විශාල තර්ජනයක් වන බවයි. දිගු කාලීනව, ඇමරිකා බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියා සන්ධානයේ ක්‍රියවන් ගෙන් න්‍යෂ්ටික යුද්ධයක අවදානම වැඩි කළ හැකි යැයි ඕස්ට්‍රේලියානු ආයතනයේ ජාත්‍යන්තර සහ ආරක්ෂක කටයුතු වැඩසටහනේ අධ්‍යක්ෂ ඩේවිඩ් බෙම් පෙන්වා දුන්නේය.

න්‍යෂ්ටික ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුමේ පාර්ශ්වයන් වන ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව තමන්ගේ ප්‍රගුණනය නොවන වගකීම් සපුරාලිය යුතුය. න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගීතාව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ සාමාජික රටවල් විසින් අනුමත කළ යුතුය.

න්‍යෂ්ටික ආරක්‍ෂාව සහතික කිරීම සියලු රටවල පොදු වගකීමකි. ඇමරිකාවේ, බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ කුඩා කවයක් "න්‍යෂ්ටික බෙදාගැනීමේ" ව්‍යසනය ආසියා ශාන්තිකර කලාපයට ගෙන ඒමට උත්සාහ  දරන විට ජාත්‍යන්තර ප්‍රජාව නිසොල්මනේ බලා නොසිටනු ඇත.

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම